2/04/2013


මොර සූරන 
වැසී එළියේ
අකුණු ගසන කැළඹිලී
හිත ඇතුලේ







අහසේ දුක
පොළව මත
අතරමැද - අපි
තෙතබරිතව










10/24/2012



පොලේ ගහපු
හීන වුණත් 
ලස්සනයි
කුඩුවෙලා 
පේනකොට





ආදරය
ඇය නෙවේ නම්
මා මිය ගිය තැන් වල
රූස්ස ගස්ද
උසට වැවී ඇත

කළුවරට ගල් ගසා
ඉරා දමමි
හිතේ පැලවු
දුක

මිරිගුවකි ඈත
ගිණි වැකුණු තාර පාරක
සිනහවකි අතරමං වුණු
ඉස්සර හුරුපුරුදු



හිත පුරා
සැරි සරා
දග පපා
රැය පුරා
ඔහොම හුරතල් වුණාම
පාන්දර බත් ඉදෙනවද