පත්තු වෙච්ච
හදවතක් ඇතිව
ගෙදර ආ මට
ලයිට් ගොඩක් මැද
තනිවෙන්නට සිදු වුණි
සොටු පෙරමින්
හාදු ඉල්ලන
සුරංගනාවියක්
පැලවෙන්න ආයෙත්
මගේ හිත මත
ඔබ විතරක්
සීතලේ වුණත්
තිගැස්සෙන
කෝ අර
රහ හාදු
හීනෙන් ඔබ දෙන
කවුරුවත්ම
නැති වුණත්
ආදරේ උණුහුම්
තනිකමේ රැයකට
පාළු මූසල අදුරට
හූ මිටි තලන
දිරච්ච ඇද
සීතලේ වුණත්
අයිස් වල
අධික දහදිය
විදුරුව මත
මොර සූරන
වැසී එළියේ
අකුණු ගසන කැළඹිලී
හිත ඇතුලේ
අහසේ දුක
පොළව මත
අතරමැද - අපි
තෙතබරිතව
පොලේ ගහපු
හීන වුණත්
ලස්සනයි
කුඩුවෙලා
පේනකොට
ආදරය
ඇය නෙවේ නම්
මා මිය ගිය තැන් වල
රූස්ස ගස්ද
උසට වැවී ඇත
කළුවරට ගල් ගසා
ඉරා දමමි
හිතේ පැලවු
දුක
මිරිගුවකි ඈත
ගිණි වැකුණු තාර පාරක
සිනහවකි අතරමං වුණු
ඉස්සර හුරුපුරුදු
හිත පුරා
සැරි සරා
දග පපා
රැය පුරා
ඔහොම හුරතල් වුණාම
පාන්දර බත් ඉදෙනවද
කණ ලගම
මුණු මුණුවක්
වසා ඇති දොරගුලු
ඇරින්නැයි ආයාචනාවක්
දුර ඇති
තරු ගැන
හිත හිත
කල් මරමි
මම
රාත්‍රිය සේ
දිගුයි
රාත්‍රිය සේ
ගොළුයි
රාත්‍රිය සේ
අන්ධකාරයි
රාත්‍රිය සේ
ගුප්තයි
මා හරහා
නිසොල්මන්ව
හමා යන ඔබ
නිහඩයි
මේ දුමයි
මී දුමයි අතර
ඇති වෙනස
ඔයයි මමයි වගේ
හැමදාම
හිස් වු දෙනෙතින් යුතුව
සුසුම්ලයි
පොළව
කෑ ගසා හඩන තුරු
අහස
දෝරේ ගලන හදපානේ
පිරිත් ඇහෙන රෑ යාමේ
එන්න රත්තරං
වතුසුදු මල් යාය පසු කරං
දැං ලගයි
නිධානෙට තව ටිකයි
ආණ්ඩුවට කලින්
අපි හරාමු ද රත්තරං